Features SL Paddy Fertilizer
පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි.
එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහාර තුළින් පසට එකතු වීමද අවම වෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් එක් කුඹුරු ඉඩම්වල පාංශු තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා වසමකට අදාලව වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මේ මඟින් ලබා දී ඇත.
මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගාවන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනම සඳහන් කර ඇත.එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් අවස්ථාව සැලසේ.
Secure & Private
Your data is protected with industry-leading security protocols.
24/7 Support
Our dedicated support team is always ready to help you.
Personalization
Customize the app to match your preferences and workflow.
See the SL Paddy Fertilizer in Action
Get the App Today
Available for Android 8.0 and above